ශ්‍රී ලංකාවේ අක්මුල් ක්‍රිකට් ලෝකයේ ඉතාලියත් ගොඩ දමති

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සමන්විත ඉතාලියේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය මංගල තරගයේදීම ඕස්ට්‍රියානු කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින් ජයග්‍රහණය සනිටුවහන් කළේය.

එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කුමුදු පෙඩ්‍රික් ඉතාලිය වෙනුවෙන් අනගි දස්කම් පෑවේය.

මෙහිදි ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රියානු කාන්තා කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කිරීමට ලකුණු 107 ක් ලබා ගත්තා. ඉතාලිය වෙනුවෙන් පන්දු යවමින් කුමුදු පෙඩ්‍රික් ලකුණු 21 කට කඩුල්ලක් දවාගත් අතර දිශානී සමරවික්‍රම ලකුණු 14 කට කඩුල්ලක් සහ සෙව්මිණි කනංකෙගේ ලකුණු 20 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය ඉතාලි ක්‍රීඩිකාවෝ ඕවර 16.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සාර්ථකව හඹා ගියා.

ඉතාලි කණ්ඩායමේ නායිකා කුමුදු පෙඩ්‍රික් පන්දු 47 කදී ලකුණු 47 ක් රැස්කරමින් ඉතාලි කාන්තා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළාය.

වයස අවුරුදු 38 ක්‍රීඩිකාවක් වන නායිකා කුමුදු පෙඩ්‍රික් ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ කණ්ඩායමක් මෙහෙයවූ වයස්ගතම ක්‍රීඩිකාවන් අතර 6 වැනි ස්ථානයට පත් ක්‍රීඩිකාවයි.

වයස අවුරුදු 46 යි දින 213 ක් වූ දිශානී සමරවික්‍රම ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ මංගල තරගයට එක්වූ වයස්ගතම ක්‍රීඩිකාවන් අතර 6 වැනි ස්ථානයට පත්විය.

ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකවෝ කුමුදු පෙඩ්‍රික් (නායිකාව), දිශානී සමරවික්‍රම, සෙව්මිණි කනංකෙගේ, ටේශානී අරලියා, දිලයිෂා නානායක්කාර, ශැරොන් විතානගේ, ගයාත්‍රී බටගොඩ, ඩයනා සමරසිංහ, නිරෝෂණී දිමින්ගුවාරිගේ, රෂිනි අත්තිඩිය සහ සඳලි මල්වත් ශ්‍රීඉ ලාංකික සම්බවයක් සහිත ක්‍රීඩිකාවන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button