ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නිළධාරි මඩුල්ල පත් කෙරේ – සචිත් පතිරණටත් රැකියාවක් ?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය පත් කර තිබෙනවා.

මේ අනුව පසුගිය වසරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බි හට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේත් ප්‍රධාන පුහුණුකාරීත්වය හිමිවීම විශේෂත්වයක්.

සහාය පුහුණුකරු හා වේග පන්දු පුහුණුකරු පත් කර ඇත්තේ මෙරට හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාරියෝ විල්ලවාරයන්ය.

මෙරට හිටපු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ජෙහාන් මුබාරක් හට එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුධූරය ලබා දීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මින්පෙර පුහුණුකරු තනතුරු හොබවා ගැටලු ඇති කරගත්, මහනුවර ක්‍රිකට් සංගම් ප්‍රධානියෙකු වන ජනක පතිරණගේ පුතු සචිත් පතිරණට එම කණ්ඩායමේ දග පන්දු පුහුණුකාරීත්වය හිමිව තිබේ.

විමුක්ති දේශප්‍රිය එම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.

ජැෆ්නා කිංග්ස් පුහුණු හා සහාය කාර්යය මණ්ඩලය – තිළිණ කන්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු) , මාරියො විල්ලවරාවන් ( සහය පුහුණුකරු, වේග පන්දු පුහුණුකරු) , ජෙහාන් මුබාරක් (පිතිකරන පුහුණුකරු) , සචිත් පතිරණ (දග පන්දු පුහුණුකරු) , විමුක්ති දේශප්‍රිය (පන්දු රැකීමේ පුහුණුකරු)

සංජීව ගමගේ (ශාරිරික යෝග්‍ර්‍යතා උපදේශක) , ජී.ජී.ටි නිරෝෂන් (දත්ත විශ්වලේෂක), ලක්ෂ්මන් ගුණසේකර (සම්බාහන නිළධාරි)

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button