“අලුත් සල්ලිකාරයෙක් ආවම පැරණි අය පාවා දුන්නා වගෙයි” ජැෆ්නා ස්ටැලියන්ස් පැරණි හිමිකරුවන් කලකිරීමක!

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ යාපනය කණ්ඩායම නව හිමිකරුවෙකුට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින්පෙර තිරණය කලා.

ඒ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලංඩනයේ ඩයස් පෝරාව නියෝජනය කරන අලිරාජා සුභාස්කරන් හට මෙලෙසට LPL ජැෆ්නා කණ්ඩායම පවරනු ලැබූවා.

අලිරාජා විසින් මින්පෙර ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයත් මිලට ගත් අතර එම ගණුදෙනුව දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා. ඒ අලිරාජා සුභාස්කරන්ගේ අතීත දේශපාලන භාවිතාවන් සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් මෙරට ජනතාවට සමීප වීමට අවශ්‍ය නිසා අලිරාජා සුභාස්කරන් විසින් LPL කණ්ඩායමක් මිලට ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. ඉන්පසුව ක්‍රිකට් ආයතනය විමසා ඇත්තේ ඔවුන්ට අවශ්‍ය කුමන කණ්ඩායමදැයි යන්නය.

ඉන්පසුව අලිරාජා සුභාස්කරන් ඉල්ලා ඇත්තේ තමන්ද නියෝජනය කරන දමිල ජනතාව තරගාවලියේ නොනිල මට්ටමින් නියෝජනය කරන යාපනය කණ්ඩායමයි.

මේ අනුව ක්‍රිකට් ආයතනය විසින් ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායමේ පැරණි හිමිකරුවන් ඉවත් කර, එම කණ්ඩායම අලිරාජා වෙත ලබා දී තිබේ.

ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකරුවන් ඉතාමත්ම ක්‍රමාණුකූලව සියලූම දේ සිදු කල අතර, ඔවුන් LPL කණ්ඩායමක් මිලට ගන්නේ කිසිවෙකුත් LPL සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවෙන පසුබිමකය. ඉන් එහා ගොස් ඔවුන් සිය කණ්ඩායම, රසිකයන් සහ සමාජ මාධ්‍ය ඉතාම හොදින් කලමණාකරණය කළේය.

අදටත් වඩාත්ම ක්‍රියාකාරී LPL සමාජජාලා ගිණුම් පවතින්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමටය.

එවැනි පසුබිමක නව හිමිකරුවන් ජැෆ්නා කණ්ඩායමේ නම, ජැෆ්නා කිංග්ස් ලෙස වෙනස් කර තිබේ. ඒ IPL හි තමිල්නාඩුව නියෝජනය කරන “චෙන්නායි සුපර් කිංග්ස්” අනුව යමින්, ජැෆ්නා කිංග්ස් ලෙසය.

එයට එක් හේතුවක් වී ඇත්තේ ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ සමාජ මාධ්‍ය ගිණුම් නව හිමිකරුවන්ට ලබා දීමට පැරණි හිමිකරුවන් අසමත් වීම හේතුවෙනි.

මේ පිළිබඳව සමාජජාලාවන්ගේ සටහනක් තබමින් රසිකයෙකු සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කළේ අලුත් සල්ලිකාරයෙක් ආවම පැරණි අය පාවා දුන්නා වැනි ක්‍රියාවක් බවය.

මේ පිළිබඳව ජැෆ්නා ස්ටැලියන්ස් පැරණි හිමිකරුවන් තැබූ සමාජජාලා සටහන,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button