LPL ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නව හිමිකරු ලයිකා සභාපති අලිරාජා සුභාස්කරන්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ප්‍රථම අදියර ජයගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකරු වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ නව හිමිකරු ලෙස තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වු අලිරාජා සුබාස්කරන්ය. මොහු විසින් මින්පෙර ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයත් මිලට ගත්තේය. අලිරාජා සුභාස්කරන් ශ්‍රී ලංකාවේ උපන් දමි ල ජාතිකයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස් පෝ රාව නියෝජනය කරයි.

මේ අනුව ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායමේ නම ‘ජැෆ්නා කිංග්ස්’ ලෙසින් කණ්ඩායමේ නමද වෙනස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීම පිළිබඳ අදහස් දක්වමින් අලිරාජා සුභාස්කරන් පවසන්නේ

“ LPL හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් සිටියා. එය ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වුණා වගේම LPL ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරඟාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ විශාල නම් කෙටුම්පත් කිරීමත් සමඟ ලීගය ගෝලීය සංසිද්ධියක් වනු නිසැකයි. එමනිසා මට මෙය හැර යාමට අවශ්‍ය වන්නේ නැහැ.” යනුවෙනි.

අලිරාජා සුබාස්කරන් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක ලයිකා සමාගම් සමූහයේ සභාපති වන අතර, ඔහුගේ ආර්ථික ශක්තිය හේතුවෙන් ජැෆ්නා කණ්ඩායම ඔහු වෙත භාර දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

යාපනය කණ්ඩායම තෝරා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් අලිරාජා සුභාස්කරන් පවසන්නේ “ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන මට තියෙන්නේ සානුකම්පිත හැඟීමක් වගේම ආත්මීය බැඳීමක්.” යනුවෙනි.

ජැෆ්නා කණ්ඩායමේ ප්‍රකෝටිපති නව හිමිකරු පිළිගනිමින්, LPL හි නිල ප්‍රවර්ධක IPG සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් පවසන්නේ,

“ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා යාපනය කණ්ඩායමේ හිමිකරු වශයෙන් පිළිගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා ඔහුට කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටින රසිකයන් හා එහි සියලුම පාර්ශවකරුවන් සමඟ සාර්ථක ඉදිරි ගමනක් යාමට හැකි වන බව මට විශ්වාසයි.” යනුවෙනි.

LPL හි නිල ප්‍රවර්ධක වන ඩුබායි දේශයේ IPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජවාඩ් ගුලාම් රසූල් මේ පිළිබඳ අදහස් දක්වමින්,

“කළමනාකරණයේ දී, ක්‍රීඩකයින්ගේ හෝ ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ වුවද සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට බොහෝ පුද්ගලයින් සම්බන්ධ කරගත යුතු බව IPG කණ්ඩායමේ අපි පිළිගන්නවා. ඛඡඛ වැනි සංවිධානයක් ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන් මහතා යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු වශයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සාදරයෙන් පිළිගන්නවා.”

මෙම තරගාවලියට ක්‍රීඩකයින් තේරා ගනු ලබන LPL Player’s Draft ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබියදී, යාපනය ෆ්‍රැන්චයිස් හි නව හිමිකරු ජාත්‍යන්තර හා දේශීය ප්‍රවීණයන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වේ. පසුගිය වසරේ මෙන්ම මෙවරත් ඉතා තරඟකාරී කණ්ඩායමක් තරඟ බිමට යැවීමට හැකිවන බව තමාට විශ්වාස බව ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන දත්ත වාර්තා වලට අනුව 2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රීඩා කළ ලංකා ප්‍රිමියර් ලීගයේ ( LPL) සමාරම්භක තරඟය රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය හරහා මිලියන 557 ක ජනතාවක් නරඹා ඇත.

අනුග්‍රාහකයින් හට ඩොලර් මිලියන 54.5 ක ලාභයක් හිමි වූ අතර MY11 CIRCLE, ROI 9.85x ක ආදායමක් ලැබුණි.

LPL පළමු තරඟයේ ජයග්‍රාහකයා වූ යාපනය ස්ටැලියන්ස් ඩොලර් මිලියන 3.98 ක මුදල් ත්‍යාගයක් හිමි කරගත් අතර අතර පසුව ගාල්ල ග්ලැඩියේටර්ස් ඩොලර් මිලියන 3.82, දඹුල්ල වයිකින්ස් (වර්තමානයේ දඹුල්ල ජයන්ට්ස්) ඩොලර් මිලියන 3.54 , කලම්බු කිංග්ස් ඩොලර් මිලියන 3.44 සහ මහනුවර ටස්කර්ස් ඩොලර් මිලියන 3.19 ක මුදල් ත්‍යාග දිනාගන්නා ලදි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අසූවක් පමණ වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල Sky Sports, Sony Sports Network, Geo, PTV සහ Willow TV හරහා මෙය සජීවීව විකාශනය කරන ලද LPL තරඟය මිලියන 155 ක ජනතාවක් නරඹා ඇත.

සමාජ මාධ්‍ය තුළ එය මිලියන 218 ක නැරඹුම් වාරයක් දක්වා ළඟා වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ලීගය සෑම තරඟයක් සමඟම නව ජීවයක් ලබන අතර ක්‍රීඩාවේ නිම්හිම් ජාත්‍යන්තර තලය තුළ බැබළ වීමටද දායක වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button