ලෝක ක්‍රිකට් වංශකතාව කනපිට පෙරලූ ජයසූරියගේ නැවත ආගමනය..

එම කාලය වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටි සනත් ජයසූරියට නැවත එම තීරණය සලකා බලා එංගලන්තයට යෑමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මැල් කීවේ 2006 ජූනි මාසයේ මුල දවසකය.

මා අසා ඇති පරිදි ඇතැමුන් සනත්ගේ ආගමනයට එතරම් කැමත්තක් දැක්වූයේ නැත. එංගලන්තයේ සිට මෙරටට ආ සමහර දුරකතන ඇමතුම්වලින් ඒ බව මනාවට පසක් විය.

කොහොමින් කොහොම නමුත් සනත් එංගලන්තයට ගියේය. සනත්ව පිළිගන්නට කිසිවෙකු විශේෂයෙන් හීත්‍රෝ ගුවන්තොටුපළට ආවේද නැත.

ට්‍රෙන්ට්බ්‍රිජ් ටෙස්ට් තරඟයේ ඉනිම දෙකේදීම සනත්ට ලකුණු දහය පන්නා ගන්නට ලැබුණේද නැත. අත කරකවා පන්දු යැවීමට තිබූ හැකියාව නිසා කඩුළු කිහිපයක් දවාගැනීමට නම් ඔහුට හැකිවිය.

2006 එංගලන්ත සංචාරයේ පැවති එකම විස්සයි විස්ස තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය විය.

සනත් එහිදී හයේ පහර දෙකක් හතරේ පහර හතරක් සමග ලකුණු 41ක් රැස් කළේය. පන්දු යැවීමෙන් කෙවින් පීටර්සන් ද ඇතුළුව කඩුළු දෙකක් දවා ගත්තේය. තරඟයේ වීරයා වුණේය.

එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අනර්ඝතම එක්දින තරඟාවලි ජයක් ලබන්නට සනත් වටා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට බැටදුන් ආකාරය ඉතිහාසගතය. එතැන් පටන් යලිත් වරක් ජයසූරියගේ යුගය ඇරඹිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button