“ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දින්නේ කණ්ඩායමේ එක ධාර්මිෂ්ඨ ක්‍රීඩකයෙක් සිටි නිසා – ඒ භානුක” – ජෙරම් ප්‍රනාන්දු (VIDEO)

මෙවර ආසියානු කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගත්තේ එම කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු තමන් සරන යන ධාර්මිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ නිසා බව පාදිලි ජෙරම් ප්‍රනාන්දු පවසනවා.

ඔහු පවසන්නේ එම ක්‍රීඩකයා භානුක රාජපක්ෂ බවයි.

පාදිලි ජෙරම් ප්‍රනාන්දු යනු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය සමීපව කටයුතු කරනා පාදිලිවරයෙක්.

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්, පරිපාලකයන්, නිළධාරීන්, තේරීම් කමිටු සාමාජිකයන් ඔහුගේ අනුගාමිකයන් වන අතර, ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ ජෙරම් ප්‍රනාන්දුගේ උපදෙස් අනුවයි.

ජෙරම් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ තිරය පසුපස බොහෝ බලයක් හිමි පුද්ගලයෙක්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජෙරම් වෙනම ආගමික නිකායක් පවත්වා ගෙන යන අතර කුමාර් සංගක්කාරගේ සිට බොහෝ පිරිසක් ඔහුගේ අනුගාමිකයන්.

ආසියානු කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාව ජය ගත්තේ තමන් නිසා බව පවසන ජෙරම් ප්‍රනාන්දු පවසන්නේ ශ්‍රී ලංකාව ජය ගත්තේ කණ්ඩායමේ එක් ධාර්මික ක්‍රීඩකයෙකු (තමන් අදහන්නෙකු) එනම් භානුක රාජපක්ෂ සිටින නිසා ශ්‍රි ලංකාව ජය ගත් බවයි.

ඔහු වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමට නම් ධාර්මික ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩ නැගිය යුතු බවයි. (තමන්ගේ අනුගාමිකයන් 11 දෙනෙකුගෙන්)

එම වීඩියෝව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button