එංගලන්ත ටෙස්ට් නායකයා ආබාධයකට ලක් වෙයි

එංගලන්ත ‍ටෙස්ට් නායක ජෝ රූට් දකුණු අතෙහි ආබාධයකට ලක්ව තිබෙනවා.

එරට ගිම්හාන ක්‍රිකට් තරග වාරය අරඹමින් හෙට (2) ආරම්භ වන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදු කරමින් සිටියදී ජෝ රූට් මෙලෙසට අබාධයකට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් යොමු කළ පන්දුවක් දකුණු අතෙහි වැදීමෙන් මෙලෙසට ජෝ රූට් ආබාධයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආබාධය බරපතල නොවන බවත්, එංගලන්ත නායකයාට හෙට තරගය ක්‍රීඩා කිරීමට අවස්තාවක් පවතින බවත් මාධ්‍ය වාර්තා කර තිබුනා. යම් හෙයකින් ජෝ රූට හෙට තරගය මඟ හැරුනොත් ඔහු වෙනුවට සෑම් බිලින්ග්ස් එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button