සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට නායකත්වයේ වගකීමක් – Kandy Falcons නායකත්වය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ?

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අති සාර්ථක අයුරින් පසුගිය දා අවසන් වුවා.

මේ අතර පසුගිය තරඟවාරයන් හිදී IPG සමාගම විසින් මෙහෙය වූ Kandy කණ්ඩායමට මෙවර දැවැන්ත අනුග්‍රහයකත්වයක් සමග ප්‍රභල ලෙස මෙවර තරඟාවලියට ප්‍රවිෂ්ට වී සිටී.

Kandy Falcons හි හිමිකාරත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Pacific Ventures & Pacific Sports Club’ යන සමාගම් හිමි ඉන්දියනු ජාතික ව්‍යාපාරික “Pravez Khan” විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Abudhabi T10 ලීගයට මීට පෙර ක්‍රීඩා කළ ‘Maratha Arabians’ කණ්ඩායමේද සම හිමිකරුවෙකු (Co-Owner) ලෙස Pravez Khan කටයුතු කරනු ලැබීය.

මේ අතර මෙහි උණුසුම්ම පුවත වන්නේ Kandy Falcons කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හට හිමි වීමට නියමිත බවයි.

LPL ආරම්භක තරඟාවලියේ පටන්ම Jaffna සමග ක්‍රිඩා කළ වනිඳු හසරංග මෙවර කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරමින් ඉවත්වු අතර ඒ අනුව Kandy විසින් ඔහුව ක්‍රිඩක වෙන්දේසියට පෙරම කණ්ඩායමට එක් කරගනු ලැබුවා.

ඒ අනුව ⁣අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග Captain වනිඳු ලෙසින් ක්‍රිකට් ලෝකයට ප්‍රවිෂ්ට වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button