තවත් ආබාධයක් – තෙවන තරගයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකුට අද තරගය අහිමි වෙයි

තෙවන එක්දින තරගයේදි වේගවත් අර්ධ ශතයක් ලබා ගත් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට අද(25) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.

ඒ තෙවන තරගයේදි ඔහුගේ ඇගිල්ලක සිදු වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්. මේ හේතුවෙන් භානුක රාජපක්ෂ වෙනුවට අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button