තවත් වරදක් ලොව ඉදිරියේ පිළිගනිමින් විරාත් කෝලි නව වසරට සමුදෙයි

පසුගිය වසර ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලිට එතරම් සුබ වසරක් වූයේ නැහැ. ඒ ඔහුගේ එක්දින සහ විස්සයි විස්ස නායකත්ව අහිමි වීමත් සමගයි. පිත්තෙන්ද ඔහුට ශතකයක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

ඔහුට 2021 වසර අවසන් කිරීමට සිදුවූයේ තවත් අසුබදායක සිදුවීමකින්.

මේ අනුව ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි ඇතුලු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය කටයුතු කළා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර යැවීමේ වේගය පවත්වා නොගැනීම හේතුවෙන්

තරගයේ කාල නිර්නායකයන්ට අනුව ඉන්දීය කණ්ඩායම නියමිත කාලය තුළදී එක් පන්දුවාරයක් පසුපසින් සිට ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

අයි.සී.සී නීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබයි.

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දීය කණ්ඩායමෙන් ප්‍රසාද ලකුණක් කපා හැරීමටත් අයි.සී.සීය පියවර ගෙන තිබේ.

එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩෘ ෆයික්‍රොෆ්ට් විසින් දඩුවම් පැනවීම සිදු කර ඇති අතර, අදාළ වරද හා ලබා දුන් දඩුවම ඉන්දීය නායක විරාට් කෝලි විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ලැබුවා වූ නව වසරේ ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග තරගාවලියක් හිමිව තිබෙනා අතර විරාත් කෝලි නම් දරා සිටින්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථකම පිතිකරුවෙක් ලෙසය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button