“අර්ජුනලා, අරවින්දලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වුනේ මොකක්ද?” කෙවින් පීටර්සන් ලොවක් ඉදිරියේ අසයි!

හිටපු එංගලන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පළ කළ අදහසක් කතාබහට ලක්ව තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් තබමින් කෙවින් පීටර්සන් ප්‍රශ්න කර සිටින්නේ “අර්ජුන, අරවින්ද, වාස්, මුරලි, සංගක්කාර, මහේල ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අද සිදුව ඇත්තේ කුමක්ද?” යන්නයි.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ලොව වටා ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේද ප්‍රමුඛ පුවතක් වී තිබේ. එංගලන්තය සමග පැවැත්වුනු දෙවන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින පරාජයට පත් විය.

මින්පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ඇතුලු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙක් තරගාවලිය අතරතුර ඩරම් නුවර වීදි පුරා රාත්‍රියේ දුම්පානය කරමින් ඇවිද යාමත් ආන්දෝලනයට තුඩු දුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button