ප්‍රබලයෙකුගේ මැදිහත්වීමක් – මෙන්ඩිස්ට, දික්වැල්ලට හා ගුණතිලකට සමාවක් හිමි වන ලකුණු

නිමාවූ එංගලන්ත තරගාවලියේදි විනය විරෝධීව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජජාලා මාධ්‍යය වෙත මුදා හැරුනු නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ට තාවකාලිකව තරග තහනමක් පැනවුනා.

ඒ විනය පරීක්ෂණයකින් අනතුරුව දඬුවමක් පැනවීමේ සුදානමකින් යුතුවයි. කෙසේ වෙතත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉහළම තනතුරු දරනා පුද්ගලයන්ගේ ආශිර්වාදය හිමි මෙම ක්‍රීඩකයන්ට සුලු දඬුවමක් පැනවීමේ සුදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඉහළම නිළධාරියෙකුගේ බලපෑම හේතුවෙන්. මේ අනුව මෙම තිදෙනාට මාස තුනක තරග තහනමක් පමණක් පැනවීමට බොහො දුරට ඉඩ පවතින බව වාර්තා වේ.

කුසල් මෙන්ඩිස්, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ කොළඹ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසද කටයුතු කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button