තෙවන තරගයට කුසල් ජනිත් ඇතුලට – ඉවත් වන්නේ මිනෝද් ද ? භානුක රාජපක්ෂද ?

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන එක්දින තරගාවලියට ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

ආබාධයක් හේතුවෙන් විවේක ගත් ඔහු තරගාවලියේ පළමු තරග ද්විත්වයට එක්වූයේ නැහැ. මේ වනවිට සුවය ලබා සිටින කුසල් පෙරේරා තෙවන තරගය සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම තරග වල ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළේ අවිශ්‍ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුකයි. නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කළ භානුක රාජපක්ෂද තරග දෙකේහිම අසාර්ථක වූවා.

එම නිසා තෙවන තරගයේදි ඔවුන් දෙදෙනාගෙන් අයෙකු වෙනුවට කුසල් ජනිත් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. බොහෝ විට මිනෝද් භානුකට තෙවන තරගය අහිමි වීමේ ඉඩක් පවති.

කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයගෙන තරගාවලිය 1 -1ක් ලෙස සම මට්ටමේ පැවතීම හේතුවෙන් තෙවන තරගය දෙපිලටම තීරණාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button