කුසල් ජනිත්ට කොරෝනා ආසාදනය වෙයි (Breaking News)

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට කොරෝනා ආසාධිත බව වාර්තා වේ. මේ අනුව ඔහු එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය ක්‍රීඩා කිරීමත් මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතියි.

පසුගිය එංගලන්ත තරග සංචාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නිමා වූ ඉන්දීය තරගාවලි සදහාත් ක්‍රීඩා කළේ නැහැ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියෙන් ද කුසල් ජනිත් විවේක ගන්වා තිබුනා.

ආබාධ සුව වීමත් සමග ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණයෙන් කුසල් ජනිත්ට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button