කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර වරම් ලබා පස් වසරයි. රසිකයෙකු තැබූ සංවේදී සටහන..

කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබා අදට පස් වසරක් ගත වනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා ලෝලියෙකු කලකිරීමෙන් තැබූ සංවේදි සටහනයි මේ..

අවුරුදු 25 වෙද්දි ටෙස්ට් ලකුණු 3000ක් ගහපු එකෙක්.

ලෙජෙන්ඩ්ස්ටත් බැරිවුණ ඕස්ට්‍රේලියාව වයිට් වොෂ් කරන ගමනට 176 කින් අත්තිවාරමක් දාපු එකෙක්.

2015න් පස්සෙ තනි අවුරුද්දක ටෙස්ට් ලකුණු 1000ක් ගහපු ලංකාවෙ එකම එකා වුණු එකෙක්.

ලෙජෙන්ඩ්ලත් අසරණ වුණු නිව් සීලන්ඩ් වල සම්පූර්ණ දවසක් බැට් කරල සෙන්චරියක් දාපු එකෙක්.

2015 ඉදල මේ වෙනකල් ලංකාව වෙනුවෙන් ලකුණු 5000ක් ගහපු එකම එකා වුණු එකෙක්.

දැනටම ටෙස්ට් ශතක 7ක් තියෙන එකෙක්.

අද එක ලකුණක් ගැහුවම ඒ තරම් අසරණ විදිහට හිනාවෙනව බලන එක මට නම් බලන් ඉන්න අමාරුවුණා.

අද එලියෙ යන බෝලෙ ලීව් කලා.
Overs 10කට එහා බැට් කලා.
ලකුණු 50 පාට්නර්ශිප් එකක් දැම්මා.
අවුට් වෙයි කියන රිස්ක් එකට ගහපු ඩිෆෙන්සිව් ශොට් එකකට අවුට් වුණේ.

ඇයි මෙච්චර මෙන්ඩට ආදරේ කියල කවුරුහරි ඇහුවොත් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

ටෙස්ට් තරඟ 47කදි ඇවරේජ් 34ක් ශතක 7ක් අර්ධ ශතක 11ක් එක්ක ලකුණු 3022ක්..

එක්දින තරඟ 79කදී ඇවරේජ් 30ක් ශතක 2යි අර්ධශතක 17ක් එක්ක ලකුණු 2228ක්..

විස්සයි විස්ස තරඟ 26කදි අර්ධ ශතක 5ක් එක්ක ලකුණු 484ක්..

ඔය කියන, මහේල සංගා අවුරුදු 25 වෙද්දි මොනවද කරලා තිබුනේ..

සනත් ටීම් එකට එද්දි අර්ජුන, අරවින්ද, මහනාම, හශාන් වගේ පතාක යෝධයො ටීම් එකේ හිටිය. මුල් කාලෙ සනත්ට ප්‍රෙශර් එකක් නෑ. එයා ගැහුවත් නැතත් ගහන්න කට්ටිය ඉන්නව.

මහේල සංගා ටීම් එකට එද්දි අරවින්ද එක්ක එක ගැම්මට සනත් ගහනව. පොඩි එවුන් වුණත් මහේලට සංගට ලොකු ප්‍රෙශර් එකක් නෑ. ටීම් එක එයාල ගැහුවෙ නෑ කියල එක දිගට පරදින්නෙ නෑ.

ඊටපස්සෙ චන්දි, ඇන්ජි, තිරී ටීම් එකට එද්දි මහේල, සංගා, ඩිල්ශාන්, සමරවීර එක රෑනට එක පෙළට ගහනව. තීරීට, ඇන්ජිට, චන්දිට පීඩනේ සාපෙක්ෂව අඩුයි. එයාල ලකුණු නොගැහුවත් අපි දිනනව. පැරදුණත් එක දිගට පරදින්නෙ නෑ.

2015 මෙන්ඩා ටීම් එකට එද්දි, ඒ වෙද්දි වගකීම අරන් ගහන්න ඕනෙ චන්දි, තිරී, ඇන්ජි අවුට් ඔෆ් ෆෝම් නැත්තම් ඉන්ජර්ඩ්.

මෙන්ඩටගෙ Career එක පටන් ගන්න තැන මෙන්ඩගෙ එහා පැත්තෙ ඉදන් ගේම් එක කියල දෙන්න කෙනෙක් නෑ.

මෙන්ඩ ප්‍රෙශර් වෙද්දි උඹ ඩිෆෙන්ස් එකේ ඉදපන් මම ගහන්නම් කියල වගකීමෙන් ගහන්න කෙනෙක් නෑ.

එහා පැත්තෙ ඉදල බෝලර්වල රීඩ් කරල උදව් කරන්න සීනියර් කෙනෙක් නෑ.

ඉතින් මෙන්ඩා ගහපු ගොඩක් දවසට අපි දිනුව. අපිට ආතල්. ඒත් මෙන්ඩා ගහපු නැති ගොඩක් දවසට ගහන්න කෙනෙක් නෑ.

ඔස්ට්‍රෙලියාවට 3-0 ගහපු එක .

සවුට් ඇෆ්රිකාවට 2-0 ගහපු එක .

ඉන්දියාවට CT එකේ ගහපු Historic මැච් එක .

වගේ මතක හිටින හැම Victory එකකම පිටිපස්සෙ මෙන්ඩා හිටියා. මෑන් ඔෆ්ද මැච් වුණා.

මෙන්ඩා ටීම් එකට අමාරුම කාලෙ තමයි ඇවිත් ඔය දේවල් කලේ. අන්න ඒ නිසයි මම මෙන්ඩාට ආදරේ.

තවත් මෙන්ඩාව ප්‍රෙශර් කරවන්න ටීම් එකේ තියාගන්න එකෙන් මෙන්ඩාගෙ Career එකත් විනාස වෙනවා.

Out of Form Batsman කෙනෙක් Number 03 ගහන නිසා ටීම් එකත් අමාරුවෙ වැටෙනව.

ඒ නිසා දෙයියනේ කියල දැන්වත් ඔය මනුස්සයව රෙස්ට් කරවන්න. ටික දවසක් එලියෙ ඉදල ඔලුව හදාගන්න දෙන්න.

මම ජීවිතේට මෙන්ඩිස්ව හම්බෙලා වත් නෑ..
මෙන්ඩගෙ ගුණ වැයුව කියල මට ලැබෙන දේකුත් නෑ..
ඒත් ඉන්න බැට්ස්මන් ලගෙන් බාගෙට බාගයක් Out of Form වුණු කාලෙ තනියෙන් ගේම ගහපු එකෙක් මට වටිනවා..❤

ආදරෙයි මෙන්ඩිස් ❤

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button