කුසල් මෙන්ඩිස් විරාට් කෝලි අභිබවා යයි..

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාට් කෝලි අවසන් වරට අන්තර්ජාතික පිටියේදී ශතකයක් රැස්කර ගෙන ඇත්තේ 2019 නොවැම්බර් 22 දින දීය.

එදින සිට, එක්දින ඉනිම් 15, ටෙස්ට් ඉනිම් 13, විස්සයි විස්ස ඉනිම් 17 පුරාවට ඔහුට කිසිදු ජාත්‍යන්තර ශතකයක්රැස් කර ගැනීමට හැකිවී නොමැත.

එනම් දැනට ලොව විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන ඔහු ශතකයක් නොලබා අද වන විට දින 576ක් ගතවී ඇත.

මේ අතර මේ දිනවල රිද්මය ගිලිහී දැඩි පසුබෑමක සිටින ශ්‍රී ලංකාවෙ කුසල් මෙන්ඩිස් අවසාන වරට ටෙස්ට් ශතකයක් ලැබුවේ 2020/01/27 දිනදීය.

එනම් අද වන විට ඔහුඅවසන් වරට ශතකයක් ලබා ගතවී ඇත්තේ දින 503ක් පමනි. නමුත් ඔහු මේ කාල සීමාව තුල එක්දින ශතකයක්ද 2020/02/26 දින බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහිව ලබා ඇත්තේ එය දින 476ක් දක්වා අඩු කර ගනිමිනි.

මේ අනුව අවසන් ශතක දෙක අතර විරාත් කෝලිට වඩා අඩු පරතරයක් පවත්වා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button