කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවත් කිරීමට යයි – හේතුව මෙන්න!

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් කුසල් මෙන්ඩිස්ට එළඹෙන ඕස්ට්‍රෙලියානු තරගාවලියෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව තිබේ.
ඒ ඔහු අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙනි.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා සංචිතයේ සිටිනා කුසල් මෙන්ඩිස්ට එරටදී සිදු කළ රුපි ඩ් ඇන්ටින් ජන් පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන T20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වීමේ ඉඩක් මතුව තිබේ.
ඒ හේතුවෙන් කඩුලු රැකීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරෙන බවටත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මින්පෙර අසනීප තත්ත්වයකින් පසුවූ චාමික කරුණාරත්න හා නුවන් තුෂාර තරගාවලියට එක්වීමට නියමිතව බවත් වාර්තා වේ.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.