“මම බෝල් 24ක් දානවා – පුලුවන්නම් එකක් උඩින් ගහලා පෙන්නන්න” මාලිගෙන් අලුත් ක්‍රීඩකයන්ට අභියෝගයක්!

මේ වනවිට විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කර සිටින ලසිත් මාලිංග පසුගියදා යූටියුබ් නාළිකාවක් සමග අදහස් දක්වමින් පැවසූ කරුණු ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

එහිදි අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ වත්මන් ක්‍රිකට් පාලකයන්ගේ කටයුතු නිසා තමන් ක්‍රීඩාවෙන් ඈත්ව සිටින බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් මාලිංග ප්‍රකාශ කළේ තමන් වත්මන් පිතිකරුවන්ට අභියෝගයක් කරන බවත්, තමන් පන්දු 24ක් යොමු කරන බවත් හැකි නම් එම එක පන්දුවකට යාර තිහේ සීමාවට ඉහළින් පහරක් එල්ල කර පෙන්වන ලෙසයි.

මෙහිදි නුවන් කුලසේකර සහ මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂන පිළිබඳ අදහස් දැන් වුයේ මෙලෙසින්,

“2017 Championship Trophy එකෙන් පස්සේ මටයි කුලේටයි ප්‍රශ්නයක් වෙන්න ටෙස්ට් එකක් තිබුණා. මම දාපු බෝලයකට වෙන කෙනෙක් කැච් එක මිස් කරා කියලා බෝලේ දාපු මගේ බඩ වැඩි කියලා කිව්වා. එතකොට කැච් එක මිස් කරපු කෙනා නෙමේ බෝලේ දාපු මට වැරැද්ද කිව්වේ.”

“ඊට පස්සේ ක්‍රීඩකයින් 40 දෙනෙක් විතර ගෙන්නලා ටෙස්ට් එකක් තිබ්බා. ඒකේ තිබ්බේ 20m ක් වේගයෙන්ම දුවන්නේ කවුද කියලා බැලුවා. එතකොට කුලේට වයස 36ක් විතර, මගේ වයස 35ක් විතර. නමුත් ඔය ටෙස්ට් එකෙන් පලවෙනියා වුනේ කුලේ. කුලේ හිටපු 40 දෙනාගෙන් වයසම කෙනා. දෙවෙනියා වුනේ මම. දැන් කාලේ ෆිට්නස් ටෙස්ට් එකක් කරන කොට ක්‍රීඩකයාට කලින් මීඩියාවට කියනවා. නමුත් ඒ දවස්වල මේක කවුරුවත් දන්නේ නැහැ. අපේ ඒ ෆිට්නස් රිසාල්ට් එක අඩු ගානේ ෆේස්බුක් එකටවත් දාගන්න දුන්නේ නැහැ. එදායින් පස්සේ 20m එක නැවැත්වුවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button