ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනියි (BREAKING NEWS)

තමන් සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නිවේදනය කරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග මේ බව නිවේදනය කර සිටිනවා. මින්පෙර ඔහු ටෙස්ට් සහ එක්දින තරග වලින් සමුගෙන තිබුනා.

මින්පෙර මාලිංග ප්‍රකාශ කළේ තමන්ට ක්‍රිකට් ආයතනයෙන් ඇරයුමක් ලැබී නොතිබුනත් තමන් ක්‍රීඩාවෙන් සමුනොගන්නා බවයි. ඔහු ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයටද ඇතුලත් කර තිබුනේ නැහැ.

කෙසේ වෙතත් මෙවර t20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමටත් මාලිංගට ඇරයුම් ලැබී තිබුනා.

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ..මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.” යනුවෙන් ප්‍රකාශ කර තිබුනා.

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි! w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! ” යනුවෙන්ද මාලිංග සටහන් කර තිබුනා.

ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම t20 පන්දු යවන්නා ලෙස සැළකෙන මාලිංග, t20 තරග 84ක් තුල කඩුලු 107ක් බිඳ දමා තිබෙනවා.

ලොව පිට පිටම කඩුලු හතරක් දෙවතාවක් දවාගත් එකම පන්දු යවන්නාද වන්නේ ලසිත් මාලිංගයි.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button