වර්තමාන ක්‍රීඩකයන්ට පාඩම් රැසක් කියා දුන් මාලිංගගේ කතාවේ සංක්ෂිප්තය මෙන්න!

පසුගියදා රසල් ආර්නෝල්ඩ් විසින් මෙහෙයවන Chilling With Russel යුටියුබ් වැඩසටහනට සහභාගී වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ය.

මෙහිදි ලසිත් මාලිංග විසින් දැක්වු අදහස් ක්‍රිකට් රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වී තිබේ. ඒ ඔහු විසින් පැවසූ කරුණු වලින් වර්තමාන ක්‍රීඩකයන්ට පවා ඉගෙනීමට බොහෝ දේ තිබෙන නිසාය.

මෙහිදි ලසිත් මාලිංග විසින් දැක්වූ අදහස් වල සාරාංශය මෙලෙසින්,

  • මම බෝලයක් දාන්න කලින් ඒ බෝලේ රිසල්ට් එක විෂුවලයිස් කරනවා. එතකොට තමයි පන්දුව ගැන මට අවබෝධයක් එන්නේ.
  • අපි දවසක කල්පනා කළා ඇයි මේ පිතිකරුවො හය හතර ගහන්නේ කියලා. එහෙම හිතලයි වයිඩ් යෝකර් බෝලේ ගැන අදහස ආවේ..
  • ලෝකේ ඉන්නේ බැට්ස්මන්ලා දෙන්නයි, එක්කෙනෙක් දකුණෙන් බැට් කරනවා, අනිත් කෙනා වමතින් බැට් කරනවා, අපි මැච් එකක බෝල් දාන්නේ ඔය පිතිකරුවො දෙන්නට, ඔය දෙන්නට පන්දු යවන්න ඉගෙන ගත්තා නම් හරි.
  • කෝච් ඉන්නේ අපෙන් වැඩ ගන්න නෙවෙයි, අපි ඉන්නේ කෝච්ගෙන් වැඩගන්න. චම්පක සර් හිටියට චම්පක සර් මාව එක්කන් ගියේ නෑ ප්‍රැක්ටිස් කරන්න, මම සර් එන්න යෝකර් දාමු කියලා සර්ව එක්කන් ගියා.
  • ප්‍රැක්ටිස් කරන එක අපි ආස දෙයක්, අපි හීල් එකක් තියලා ඒකට දානවා. ඒක ආතල් වැඩක්. අපි ඒක එන්ජෝයි කළා.
  • එක බෝලයක් හරියට පුරුදු වෙන්න බෝල හාරදාහක් පන්දාහක් දාලා පුහුණු වෙන්න ඕන, ඔය වගේ බෝල කොච්චර තියෙනවද පුරුදු වෙන්න. යෝකර් එක, ගුඩ් ලෙන්ත් එක, ඉන් ස්විං එක, අවුට් ස්විං එක.. මේ හැම බෝලයක්ම පිතිකරුවො දෙන්නටම එක විදියටම දාන්න පුරුදු වෙන්න ඕන.
  • අපි ඒ කාලේ පැය දෙකක් එක දිගට බෝල් කරනවා, කොකබුරා බෝලේ කොකා ගෙවෙනකම් අපි බෝල් කරනවා. දැන් බෝලර්ස්ලා දවසට දාන්නේ බෝල් 24යි.
  • බෝල් කරන්න කරන්න තමයි තමන්ට බෝලෙන් කරන්න පුලුවන් දේවල් ඉගෙන ගන්න පුලුවන්ඒ, මසල් මෙමරි එක ගොඩක් වැදගත්, 2 Km තිබ්බට වැඩක් නෑ බෝලිං ෆිට්නස් නැත්නම්, බෝලිං ෆිට්නස් වැදගත්.
  • ඩෙත් බෝලිං පුරුදු වෙන්න ඕන ඕවර දහයක් විස්සක් දාලා හැක් වෙලා ඉන්න වෙලාවක පරණ බෝලෙන්, මොකද ඇත්ත මැච් එකක අපි ඩෙත් බෝල් කරන්නේ මහන්සි වෙලා ඉන්න වෙලාවක පරණ බෝලෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button