සිංහ පැටවුන්ට ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් නවතම ICC ශ්‍රේණිගත කිරීම් එළියට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් එළිදක්වන නවතම ටෙස්ට්, එක්දින සහ T20 ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

නිමාවූ පාකිස්තානය ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්හිද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 31 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහු මින්පෙර පසුවූයේ 50 වැනි ස්ථානයේයි.

තවමත් ටෙස්ට් තරග තුනක් පමණක් ක්‍රීඩා කර තිබෙන වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් 33 වැනි ස්ථානය දක්වා පෙරට පැමිණීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි 16 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහු මින්පෙර පසුවුයේ 18 වෙනි ස්ථානයේයි.

පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන අටකින් ඉදිරියට පැමිණ 41 වෙනි ස්ථානය හිමිකර ගෙන තිබේ.

T20 පන්දු යවන්නන් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ සුපිරි ක්‍රීඩක වනිදු හසරංගයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button