ශ්‍රී ලංකාවේ LPL තරගාවලිය ලොව පුරා මිලියන 557ක් නරඹලා – රටවල් අතරේ නරඹන්නන් බෙදී ගොස් ඇත්තේ මෙහෙමයි!

පසුගිය වසරේ මෙරට පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ලොව පුරා මිලියන 557ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එල්.පී.එල් තරගාවලියේ පළමු අදියර වූ 2020 තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් වල සජීවීව විකාශය කරනු ලැබුවා. ඒ Sky Sports, Sony Sports Network, Geo, PTV and Willow TV යන රූපවාහිනී නාලිකා ඔස්සේය.

ඉහත නාළිකා ඔස්සේ රූවාහිනිය හරහා මිලියන 155ක ප්‍රේක්ෂක පිරිසක් විසින් තරගාවලිය නරඹා තිබෙන බව ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රිකට් ආයතනයට අනුව සමාජ මාධ්‍ය ඔස්සේ තරගාවලිය නරඹා ඇති පිරිස මිලියන 218ක්. මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය හරහා මිලියන 184ක පාඨක පිරිසක් තරගාවලිය සඳහා එක්ව සිටි බවත් ඔවුන් පවසනවා.

ඇමෙරිකාවේ ප්‍රධානම ක්‍රීඩා උන්මාදය වන එරට වාර්ෂික සුපර් බෝල් තරගාවලිය සඳහා එක්වන්නේ රසිකයන් මිලියන 96කි. IPL තරගාවලිය නරඹන රසිකයන් ගණන මිලියන 105ක්. ලොව ප්‍රධානම ක්‍රීඩා ඉසව්ව වන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය නරඹන රසික ප්‍රමාණය මිලියන 517ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button