“උතුරේ තල් සවිය පරදා දකුණේ ගැම්ම පෙරට” – LPL පළමු තරගයෙන් දකුණට විශිෂ්ඨ ජයක් (Match Highlights)

ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ඊයේ ඇරඹුනා. එහිදී තරගාවලියේ පළමු තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දකුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

එහිදි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 54කින් පරාජයට පත් කරමින් සිය තරගාවලිය ආරම්භ කළා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදි විශේෂත්වය වූයේ තරග තහනමකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළා.

එහිදි ධනුෂ්ක ගුනතිලක ලකුණු අටකට දැවී ගියා. කුසල් මෙන්ඩිස්ටත් සාර්ථක වීමට ඉඩ නොලැබුනු අතර ඔහු ලකුණු 16කට දැවී ගියා. මොහොමඩ් හෆීස් ලකුණු 15ක් ලබා ගත්තා.

බොහෝ දෙනෙකුගේ අවදානය දිනූ බෙන් ඩන්ක් රැස් කළේ ලකුණු 17ක් පමණයි.

කෙසේ වෙතත්, සිය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට, ගාලු කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ අවශ්‍ය පසුබිම සකසා දුන්නේ මෙවර තරග වාරයේ ප්‍රථම අර්ධ ශතකයත් වාර්තා කරමින්.

ප්‍රවේගකාරී ඉනිමක නිරත වූ ඔහු පන්දු 31කින් ලකුණු 56ක් ලබා ගත්තේ යෝද හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔහුට අනගි සහයක් ලබා දුන් සමිත් පටෙල් පන්දු 31කින් ලකුණු 42ක් රැස් කළා. හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 110ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග ලකුණු 17කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11කටත් දැවී ගියා. ටොම් කොහ්ලර් කැඩ්මෝර් හට රැස් කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.

කලක පටන් අසාර්ථක වෙමින් සිටින අවිශ්ක ප්‍රනාන්දු මෙම ඉනිමේ දීද දෙවැනි පන්දුවෙන්ම දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදීයි.

නායක තිසර පෙරේරා ලකුණු 11ක් හා සම්මු අශාන් ලකුණු 15ක් ලබා ගත්තා. වනිදු හසරංග ලකුණු නොලබා පිටියෙන් ඉවත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නොම්මර හත පිතිකරු වහබ් රියාස් ලකුණු 27ක් ලබා ගත්තා.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් හෆීස් පන්දුවාර 4 යවා නිම කළේ ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගනිමින්.

සමිත් පටෙල් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලූ අතර, පුලින තරංග ද ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button