LPL තරගාවලියට අලුතෙන්ම ආ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා, පුහුණුකරු තනතුරු මෙන්න!

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පළමු වරට එක්වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන තනතුරු, එම කණ්ඩායම විසින් අද (21) දිනයේ නිවේදනය කළා.

ඒ අනුව පසුගිය තරගාවලියේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබේ.

තවද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරමින් කණ්ඩායම ජය මාවත කරා රැගෙන ගිය තිළිණ කන්ඩම්බි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේත් පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධක්ෂවරයා තනතුරු හිමිව ඇත්තේ ගනේෂන් වහීසන් මහතාටයි.

කණ්ඩායමේ අලෙවිකරණ හා සන්නිවේදන අධක්ෂකවරයා ලෙස සාරංග විජයරත්න පත් කර තිබීම විශේෂත්වයකි.

T20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා කොළඹ දී හා හම්බන්තොට දී මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන ජැෆ්නා කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙනස් කළා ඒ අනුව නව හිමිකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button