“දකුණේ ගැම්මට එරෙහිව පිටකොටුවේ චමුදිතලා” දකුණ – කොළඹ ගැටෙයි – LPL පිටියේ මහා තරගය අද!

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ රසික අවදානය දිනූ තවත් තරගයක් අද පැවැත්වෙනවා.
ඒ සුපිරි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර තරගයයි. කණ්ඩායම් දෙකටම විශාල රසික පිරිසක්ද සිටින අතර ඒ හේතුවෙන් තරගාවලියේ දැඩි අවදානයක් හිමිවන තරගයක් බවට අද තරගය පත් වනු ඇත.
භානුක රාජපක්ෂ විසින් මෙහෙයවන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ පැවැති මංගල තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ජය ලැබීය.
කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර අද තරගාවලියේ ඔවුන්ගේ මුල්ම තරගයයි. කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, ටොම් බැංටන් ආදි සුපිරි පිතිකරුවන්ගෙන්ද දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන් ආදි පන්දු යවන්නෙන්ගෙන් යුත් සුපිරි කණ්ඩායමකින් ඔවුන් සමන්විතයි.
අද තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් නිසා අද තරගයට විශාල රසික පිරිසකගේ පැමිණීමත් බලාපොරොත්තු වේ.