ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹේ – චාමික කරුණාරත්නගේ අයිතිය දකුණට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේත් පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබේ. තරගාවලිය එළඹෙන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අනුව තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (24) සිට ඇරඹුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ඔක්තෝබර් 05 වනදා දක්වා තම ලියාපදිංචිය සිදු කළ හැකියි. ලියාපදිංචි වන ක්‍රීඩකයින් සියලූම දෙනා එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කෙරේ.

ලියාපදිංචි වන විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔවුන් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ආයතනය විසින් පිළිගත් ක්‍රීඩකයින් විය යුතුයි.

මින්පෙර තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන වීමට සුදානම් කර තිබුනත් එය කල් දැමීමට සිදු වුනා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් එක්වන අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි. එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් කණ්ඩායමකට පෙර සංචිතයේ සිටි ක්‍රීඩකයන් හතරක් (දේශිය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සදහා ද රදවා තබා ගත හැකියි. සෙසු ක්‍රීඩකයින් තෝරා පත් කර ගත යුතු වන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී යි.

වාර්තා වන්නේ පෙර තරගාවලිය ක්‍රීඩා නොකළ චාමික කරුණාරත්න දිනා ගැනීමට තරගාවලියේ දකුණු පළාත නියෝජනය කරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සුදානමින් සිටින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button