LPL නොවැම්බර් දක්වා කල් යයි.

2021 ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරඟාවලිය නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා ඒ බව තහවුරු කළේය.

LPL තරඟාවලිය ජූලි – අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද වෙනත් රටවල ලීග් තරඟාවලි කිහිපයක් එම දිනවලම  පැවැත්වෙන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය අඩුවීම සිදුවිය හැකි බැවින් එවැනි තීරණයක් ගෙන තිබේ.

එනම් කාශ්මීර් ප්‍රීමියර් ලීගය, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය යන තරගාවලි හේතුවෙන් පාකිස්තාන, කොදෙව් සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් LPL තරගවලියට නොමැති වීමයි.

එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණද තවමත් අවසන් වශයෙන් තීරණය කර නොමැති වීමද මෙයට හේතුවක් ලෙස දක්වා ඇති අතර ඒ අනුව කල් යන LPL 2021 තරගාවලිය ආරම්භ වන නව දින වකවානු ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button