ගාලු රසිකයන් සටන ජය ගනියි – ගාලු කණ්ඩායමට සධාරණය ඉටු කරමින් තරගාවලියේ වෙනසක්!

ගෝල් ග්ලැඩියේටර්ස් රසිකයන් සමාජජාලා තුල දියත් කළ ඉල්ලීමක් ඵල දරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදන කිහිපයක් සිදු කර තිබෙනවා.

මේ අනුව මූලික වටයේ තරග දෙකක දින වෙනස් කිරීමක් හා අවසන් වටයේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

මීට පෙර නිකුත් කළ තරග කාලසටහනට අනුව එළඹෙන 13 වනදා පැවැත්වීමට නියමිතව තිබුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරගයයි.

එළඹෙන 14 වනදා කැන්ඩි වොරියර්ස් හා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතරත්, දඹුල්ල ජයන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරත් තරග පැවැත්වීමට නියමිතව තිබුණා.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය නව කාලසටහනට අනුව පැවැත්වෙන්නේ එළඹෙන 13 වනදායි.

13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරගය නව කාලසටහනට අනුව එළඹෙන 14 වනදා පැවැත්වෙනු ඇති.

මින්පෙර ගෝල් ග්ලැඩියේටර්ස් රසිකයන් සිය කණ්ඩායමට තරගාවලිය තුල විවේක දිනයන්ගේ අඩුවක් තිබෙන බවට සමාජජාලා මාධ්‍යයන්ගේ අරගලයක් සිදුකළා.

මෙම සංශෝදනය අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විවේක දින හිමිවෙනවා.

පෙර තරග කාලසටහන අනුව ගාලු කණ්ඩායමට 10, 11, 12 හා 13 යන දිනවලදී තරග යෙදී තිබුණා. නව කාලසටහනට අනුව ඔවුන්ට එම තරග යෙදි ඇත්තේ 10, 11, 12 හා 14 යන දිනවලයි.

මේ අතර, තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන දිනවලද යම් සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව ලබන 17 වැනිදා මූලික වටයේ තරග අවසන් වීමෙන් පසුව ලබන 18 වනදා ක්‍රීඩකයින් හම්බන්තොට බලා පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ලබන 19 වැනිදා විවේක දිනයක් ලෙසයි නම් කර තිබුණේ.

කෙසේ වෙතත්, ලබන 19 වැනිදා පැවැති විවේක දිනය අවලංගු කිරීමට නව කාලසටහන ඔස්සේ කටයුතු කර ඇති අතර, අවසන් වටයේ පළමු තරග දෙක, එනම් eliminator හා qualifier 1 එදින පැවැත්වීමට නියමිතයි.

මීට පෙර එම තරග දෙක ලබන 20 වැනිදා පැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

නව කාලසටහනට අනුව 20 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් qualifier 2 සුපුරුදු පරිදි ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button