ආසියානු කුසලාන ජය උදෙසා මහීෂ් තීක්ෂණට යුද හමුදාවෙන් තවත් ගෞරයක්!

යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට උසස් වීමක් ලබා දීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ යුද හමුදාව නියෝජනය කරමින් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සදහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේ ඊයේ (20) පැවැති සුහද හමුවකදී යුද හමුදාපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත යුද හමුදාධිපතිවරයාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමීම ද මෙහිදී සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා 2022 ආසියානු කුසලාන T20 ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන මහීෂ් තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ටී.ටී. අල්ගම, කේ.බී.වයි. ද සිල්වා හා එම්.ඒ.අයි.ජේ. පෙරේරා මෙන්ම ආසියානු කායවර්ධන ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් කායවර්ධන ක්‍රීඩක ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ ද සහභාගී වී තිබේ.

එම අවස්ථාවේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රිකට් ක්‍රීඩකයා නිල දෙකක් ඉහළටත්, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊළඟ නිලයටත් උසස් කරන ලෙස යුද හමදාපතිවරයා අණ ලබා දී තිබෙනවා.

ඒ අනුව යුද්ධ හමුදාව සදහන් කළේ සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button