මහීෂ් වෙනුවට ක්‍රීඩා කරන්න නම් යෝජනා දෙකක් – අවසානයේ මහේලගේ තීරණය ජය ගනි!

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 12 වටයේ තරග පැවැත්වෙන දෙවන දිනය අදයි.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් සුපිරි 12 වටයේ සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අනුව තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලදේශය කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි.

තරගය සාජා ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය දෙපිලටම අතිශය වැදගත් වන්නේ කණ්ඩායම් දෙක අතර මෑතක සිට ගොඩ නැගී තිබෙන දැඩි තරගකාරීත්වය හේතුවෙනි.

කෙසේවෙතත් අද තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඔහු මුහුණදුන් ආබාධය හේතුවෙන් අද තරගය ඔහුට මග හැරී තිබේ.

මේ අනුව මහීෂ් තීක්ෂණගේ ස්ථානයට ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ඒ උපනායක ධනංජය ද සිල්වා සහ ඳග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ නමයි.

ධනංජය ද සිල්වා පිතිකරණ බලඇණිය සවිමත් කිරීමටත් හැකි ක්‍රීඩකයෙකු නිසා ඔහුගේ නම යෝජනා වී තිබෙන අතර, මහීෂ් වෙනුවට විශේෂඥ දඟ පන්දු යවන්නෙකු ලෙස අකිලගේ නම යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ තීරණය වී තිබෙන්නේ මහීෂ් වෙනුවට අකිල ධනංජය අද තරගයට ක්‍රීඩා කළ යුතු බවයි. මේ අනුව ඒ අනුව තීක්ෂණ වෙනුවට අකිල ධනංජය අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

කණ්ඩායම් දෙක සතුවම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් සතු වීම හේතුවෙන් තරගය වඩාත් ආකර්ශනීය මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරණ බලඇණියේ අස්ථාවරත්වය ප්‍රබල අඩුවක් වී තිබෙන අතර, ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොදින් ක්‍රීඩා කිරීමටනම් මුල්පෙල පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අතිශය වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට T20 ලෝක කුසලාන තරගාවලියකදී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2007 වසරේදී වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64ක ජයක් වාර්තා කළා.

අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දසුන් ශානක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ළහිරු කුමාර

මේ අතර, දිනයේ දෙවැනි තරගය ලෙසින් තවත් තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතය. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි.

එම තරගය ඩුබායි හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button