ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකාරීත්වය සඳහා මහේලට ආරාධනයක් – මහේලගේ කැමැත්ත ශ්‍රී ලංකා කණ්ඩායමටයි

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී සිය තනතුරින් ඉල්ලා අස්වීම පසුගියදා ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලබා දුන්නා. ඒ අනුව හිස්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ආරාධනා කර තිබේ.

කෙසේ වෙතත් මහේල මහේල ජයවර්ධන විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශාස්ත්‍රී T20 ලෝක කුසලානයෙන් පසු සිය ධූරයට සමුදෙනු ඇති.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරුධූරය සඳහා මේ වනවිට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡා ඇරබී තිබේ. මහේල ජයවර්ධන තනතුර ප්‍රතික්ෂේප කිරීමත් සමග ඒ සඳහා අනිල් කුම්බ්ලේ හෝ රාහූල් ඩ්‍රාවිඩ් පත් කිරීමට වැඩි ඉඩක් පවති.

මහේල ජයවර්ධන මේ වනවිට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට උපදේශකයෙක් ලෙස එක්වීමේ අරමුණින් ඔහු මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධූරය භාරගතහොත් මහේලට මුම්බායි ඉන්ඩියන්ස් පුහුණුකරු ධූරයද අතහැරීමට සිදුවෙනවා. ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන පුද්ගලයාට ක්‍රිකට් සම්බන්ධ වෙනත් කිසිදු ධූරයකට කටයුතු කළ නොහැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button