කොකා කෝලා බෝතල් ගැටලුව – මහේල ජයවර්ධනගෙන් රොනාල්ඩෝට විවේචන

මේ දිනවල පැවැත්වෙන යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක් වුනා.

ඒ තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙසින් කටයුතු කළ කොකා කෝලා බීම බෝතල් දෙකක් ක්‍රිස්ටියානො රොනාල්ඩෝ විසින් මාධ්‍ය හමුවකදී ඉවත් කිරීමයි.

ක්‍රිස්ටියානො රොනාල්ඩෝගේ මෙම ක්‍රියාව දැඩි ලෙස කතාබහට ලක් වූ අතර ට්විටර් වෙබ් අඩවියේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයෙක් මෙම ක්‍රියාව වර්ණනා කරමින්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මින්පෙර කොකා කෝලා වෙළද දැන්වීම් වලට පෙනිසිටීම විවේචනය කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනා.

මෙහිදි මහේල ජයවර්ධන විසින් ක්‍රිස්ටියානො රොනාල්ඩෝ මින්පෙර කොකා කෝලා දැන්වීම් සඳහා පෙනී සිටි අවස්තාවක ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවියට එක් කරමින් ක්‍රිස්ටියානො රොනාල්ඩෝගේ දෙබිඩි පිළිවෙත විවේචනය කර තිබුනා.

මහේලගේ ට්විටර් පණිවිඩය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button