නාමල්ගෙන් විශිෂ්ඨ තීරණයක් – ජාතික කණ්ඩායමේ පුහුණුකාරීත්වයක් මහේලට!

මේවන විට හිස්ව තිබෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා විශේෂඥ උපදේශක පුහුණුකරුවෙක් ලෙස මහේල ජයවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එහිදි මහේල ජයවර්ධන උදෙසා “Consultant Coach” යන උපදේශාත්මක පුහුණුකාරීත්වය පිරිනැමෙනු ඇත. එළඹෙන 2022 වසරේ ජනවාරි පළමුවැනිදා පටන් මෙම පත්කිරීම වලංගු වනු ඇත.

මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සෘජුවම මැදිහත් වී කටයුතු කර තිබේ. මෙම තනතුර පිළිගැනීමට මහේල පළමුව එතරම් කැමැත්තක් දක්වා නොතිබුන අතර, ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් හේතුවෙන් අවසානයේ මහේල සිය සේවය ජාතික කණ්ඩායමට ලබා දීමට එකග වී තිබේ.

මහේල ජයවර්ධන සැලකෙන්නේ වත්මන් ක්‍රිකට් පිටියේ දක්ෂතම සහ උපායශීලිම ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසය.

නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යංශය භාරගත් දා පටන් බිඳ වැටෙමින් තිබූ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට විවිධ තීරණ ලබා ගත් අතර, ඉන් ප්‍රධාන දේ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය බිඳ දමා විශේෂඥ කමිටුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන බලය පැවරීමයි.

මේ අනුව මෙතෙක් කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට විවිධ යෝජනා ඉදිරිපත් කළත්, ඒවා සැලකීමකට ලක්නොවුනු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා ආදීන් මෙම කමිටු හරහා සෘජුවම මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වූවා.

මින්පෙර කියවුනේ ක්‍රීඩා ඇමතිවරයාට නොව ජනපතිවරයාට පවා ක්‍රිකට් නිලවරණයෙන් ජය ගන්නා එකම කණ්ඩායමේ බලය අභිබවා යෑමට නොහැකි බවය. කෙසේ වෙතත් නාමල් මෙම සිය කමිටු හරහා ක්‍රිකට් පරිපාලකයන් අභිබවා මෙම විශේෂඥ හිටපු ක්‍රීඩකයන් ක්‍රිකට් පරිපාලනයේ බලය ලබා දුන්නා.

එම කමිටු මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වෙනස්කම් සිදු කළා.

ඒ අනුව මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ වර්තමානයේ යම්කිසි ප්‍රගමනයක් ඇතිව තිබෙනා බව නොරහසක්.

මහේල සහ සංගක්කාර නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා සමග සමීපව කටයුතු කරනා අතර එම සමීප සම්බන්ධය මහේලට මෙම තනතුර භාර ගැනීමට විශාල පිටුවහලක් වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button