මහේල ජයවර්ධන ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කණ්ඩායමට (Breaking News)

හිටපු සුපිරි ක්‍රීඩක සහ නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණුකරුවෙක් ලෙසට එක් කර ගැනීමට ක්‍රිකට් ආයතනය උත්සහ කරමින් පවතින බව වාර්තා වෙනවා.

මේ බව තහවුරු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා විසිනි.

“අපේ අදහස තියෙන්නෙ 19න් පහල කණ්ඩායම තමයි ඉතාම වැදගත් කණ්ඩායම. 19න් පහල කණ්ඩායමට හොද පුහුණුකරුවෙක්ව යොදවලා මහේල වගේ කෙනෙක් කණ්ඩායමත් එක්ක වැඩ කරන්න යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහේල ලබන ඔක්තෝම්බර් මාසයෙන් පස්සෙ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා වැඩ කරන්නම් කියල අපිට කිව්වා.”

මේ අනුව මෙරට ක්‍රිකට් අනාගතයට වඩා සුවිශේෂී දහනමයෙන් පහළ ජාතික කණ්ඩායමේ උපදේශකත්වයට මහේල ජයවර්ධන අනිවාර්යයෙන්ම පත්කෙරෙනු ඇති අතර පුහුණුකාර ධූරය ලබාදීම සදහා ක්‍රිකට් ආයතනය මගින් මහේල ජයවර්ධනට ඉල්ලීමක් කර ඇති බවද වැඩි දුරටත් සදහන්..

ඒ එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button