ලෝක කුසලානයේ මහේලගේ වගකීම මෙන්න – තේරීම් කිරීමටත් අවස්තාවක්!

පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපදේශකයෙකු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කෙරුනා.

මෙහිදි මහේල ජයවර්ධනගේ වගකීම් පිළිබඳව ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පැහැදිලි කරනවා.

ඒ අනුව ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහාත් මහේල ජයවර්ධන ද එක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

දැනටමත් ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බැවින්, මහේලට සංචිතය තේරීමේ කටයුතු සදහා කිසිදු මැදිහත්වීමක් සිදු කළ නොහැකි වූවත් ඔහු තරග සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමට මේ අයුරින් සහභාගී වනු ඇති බවට අරවින්ද ද සිල්වා මහතා පැහැදිලි කරනවා.

“නමුත්, ඔව්, අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපතිවරයා කියා සිටියා.

“තරඟ උපාය මාර්ග සැකසීම සඳහා ඔහුගේ දැනුම හා ප්‍රවීණතාවය උපයෝගී කර ගන්නවා වගේම ඔහුට සංචාරයේදී තේරීම් කමිටු රැස්වීම්වලට සහභාගී වෙන්න පුලුවන්.”

ඒ අනුව කණ්ඩායම් තේරීමේදී මහේලගේ අදහස් ද සලකා බැලෙනු ඇති. තවදුරටත් තරග වලදි උපාය උපක්‍රම සකස් කිරීමටත් මහේල සහභාගී වනු ඇති. තවද ක්‍රීඩකයන් දිරිමත් කිරීම ආදිය පුහුණුකරුවෙකුගේ වගකීම්ද ඔහු ඉටු කිරීමට නියමිතය.

මහේල ජයවර්ධන මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටියි

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, අයි.පී.එල් තරගාවලිය නිමා වීමෙන් පසුව ලබන 16 වනදා සිට 23 වනදා දක්වා මහේල, ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව කටයුතු කරනු ඇති.

අයි.පී.එල් තරගාවලියෙන් පසුව මහේල සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කළ යුතු බැවින් හා ඉදිරියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බැවින් මහේලට දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග කටයුතු කිරීමට බලපෑම් නොකළ බවත් අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button