මහේල උපදේශකයෙක් ලෙස ඉහළින් පත් කර එවීම ගැන වත්මන් පුහුණුකරු මිකී ආතර් කට අරියි!

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට තවමත් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කිරීමටට සිදුව තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ සුපිරි 12 වටයට මේ වන විටත් රටවල් 08 ක් සුදුසුකම් ලබා ඇති අතර, තවත් රටවල් හතරක් සුදුසුකම් ලැබීමේ වටයෙන් ලෝක කුසලානයට ප්‍රවිශ්ඨ වීමට නියමිතයි.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සුදුසුකම් ලැබීමේ වටය එළඹෙන ඔක්තෝබර් 18 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරග සදහා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන මහතාගේ සහයෝගය ලබාගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර සිටියා. මේ වනවිට ලොව පුරා ප්‍රබල ඉල්ලීමක් සහිත පුහුණුකරුවකු වන මහේල ඉන්දීය ප්‍රීමියර් ලිගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇතුලු කණ්ඩායම් කිහිපයකම පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ද අදහස් ප්‍රකාශ කර තිබුණා.

එහිදී මිකී ආතර් ප්‍රකාශ කර තිබුනේ තමන් මින් පෙරත් මහේල ජයවර්ධන සමග වැඩ කර ඇති බවත්, තමන් සමග කටයුතු කළ අය අතරින් මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ බුද්ධියක් සතු අයෙකු බවත්ය.

එළඹෙන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කදවුර තුල මහේල සමග වැඩ කටයුතු කිරීමට තමන් උද්යෝගයෙන් පසුවන බවත් මිකී ආතර් මෙහිදී ප්‍රකාශ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button