හෙට තරගයට එක්වන්නේ කුසල් ද, චන්දිමාල් ද – මිකී ආතර් පහදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවෙනි එක්දින තරගය හෙට (7) පැවැත්වෙනවා.

තරගය පිළිබඳව අදහස් දක්වන මාධ්‍ය හමුව අද පැවැත්වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුහුණුකරු මිකී ආතර් සහභාගී වුනා. එහිදි ඔහු විශේෂයෙන්ම චරිත් අසලංක වර්ණනා කිරීම කැපී පෙනුනා.

මිකී ආතර් ප්‍රකාශ කළේ නොම්මර පහ ස්ථානය පිතිකරනයට අසීරුම ස්ථානය වූවත්, චරිත් අසලංක එම ස්ථානයේ විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරන බවයි.

මේ අතර කුසල් ජනිත් පෙරේරා හෙට තරගයටත් එක්නොවන බව මිකී ආතර් ප්‍රකාශ කළා. බොහෝ විට කණ්ඩායමේ මුල් පෙළ සවිමත් කිරීමට දිනේෂ් චන්දිමාල් හෙට තරගයට එක්වීමට නියමිත බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button