මිකී ආතර්ගෙන් භානුකට ප්‍රතිප්‍රහාරයක්!

පසුගියදා අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් දැක්වූ අදහස් වලට ජාතික කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ප්‍රතිචාර දක්වා තිබෙනවා .

එහිදී භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේ කණ්ඩායමේ පුහුණු කරුවන්ගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් තමන්ට කැපිල්ලක් තිබෙන බවත්, ඇතැම් ක්‍රීඩකයන්ට විශේෂ සැලකිල්ලක් පවතින බවත්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් මිකී ආතර් ප්‍රකාශ කරන්නේ තමන් ක්‍රීඩකයන් පිළිබඳව එළි පිට කතා කිරීමට අකමැති වුවත් භානුක රාජපක්ෂ මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කර තිබෙන නිසා සිය පාර්ශ්වයෙන්ද අදහස් දැක්වීමක් කළ යුතු බවයි.

එහිදී මිකී ආතර් පවසන්නේ තමන් භානුක රාජපක්ෂ හඳුනාගෙන තිබෙන්නේ අඩු කැපවීමක් සහිත ක්‍රීඩකයෙකු ලෙස බවත් යම් කිසි ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් ඔහුගේ කැපවීම උපරිම තලය තිබිය යුතු බවත්ය.

භානුක රාජපක්ෂට සිය ශරීරයේ මේදය අඩු අඩුකර ගැනීමටත් තමන් උපදෙස් දී තිබෙන බවත් මිකී ආතර් මෙහිදී පවසනවා.

කෙසේ වෙතත් භානුක රාජපක්ෂ සිය විස්සයි විස්ස සැලසුම් වලත් සිටින බවත් මිකී ආතර් ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button