ලසිත් මාලිංග, සචින් තෙන්දුල්කාර් සුව කළ ක්‍රිකට් පිටියේ ඉසිවර වෙදදුරු සමුගනියි!

ලසිත් මාලිංග ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටියදී ඔහුට යළිත් ක්‍රීඩා කිරීමට හැකි වන ලෙස ආබාධය සුව කළ වෛද්‍ය ඒලියන්ත වයිට් ජීවන ගමනෙන් ඊයේ දින (22) සමුගත්තා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන සචින් තෙන්දුල්කාර් පවා ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටිනා සමයක ඔහුව සුවපත් කර යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට එක්කිරීමට සමත් වූයේත් වෛද්‍ය ඒළියන්ත වයිට් විසින්.

ඒ පිළිබඳව සිය විශ්‍රාම ගැනීමේදි කතාවේදි සචිත් තෙන්දුල්කාර් සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ විශ්මිත වෛද්‍යවරයා” යනුවෙන්.

වෛද්‍ය ඒලියන්ත වයිට් වයිට්ගේ වියෝව වෙනුවෙන් සිය සමාජජාලා ගිණුම් වල සටහනක් තබමින් ලසිත් මාලිංග,

” 2008 දී මගේ පාදයේ injury එක… ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්. ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!” යනුවෙන් සටහන් කර තිබුනා.’

ලසිත් මාලිංග තැබූ එම සටහන,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button