ලෝක කුසලානයේ තුරුම්පුව වනිදු හසරංගයි – මුරලිගෙන් අනාවැකි!

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිදු හසරංග ප්‍රබල ක්‍රීඩකයෙකු වනු ඇති බවට හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කරනවා.

මුරලිදරන් එලෙස ප්‍රකාශ කළේ ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී මුරලි පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවේ දී පිට දග පන්දු යවන්නන්ට (fingerspinners) වඩා පා දග පන්දු යවන්නන්ට (legspinners) වැඩි වාසිදායක බවයි.

එම තනතීරු වලදී පන්දුවේ ඉපිලීම වැඩි වීම ඊට ප්‍රධාන හේතුවක් බවත් ඔහු ප්‍රකාශ කළා

එහිදි අදහස් දැක්වූ මුරලි

“මම හිතන්නේ ඕනෑම කණ්ඩායමකට වනිදු හසරංග අමාරු ප්‍රතිවාදියෙක් වේවි”

“මොකද ඔබට සිද්ධ වෙනවා ඔහුට මුහුන දෙද්දි පරිස්සම් වෙන්න. නමුත් සමහර ක්‍රීඩකයින්ට ඔහුට එරෙහිව හොදින් ක්‍රීඩා කළ හැකියි”

“ඔහු විශිෂ්ට T20 පන්දු යවන්නෙක්. ඔහු ඉතා සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසායි ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහාත් ක්‍රීඩා කළේ. පසුගිය අවුරුදු 2-3 තුළ ඔහු විශාල දෙයක් කළා. ඔහු තරුණයෙක්, ජ්‍යෙෂ්ඨයෙක් නෙවෙයි. නමුත් මම ඔහු සමඟ දඟ පන්දු යැවීම ගැන වැඩිය කතා කරන්නේ නැහැ. මම ඔහුව වැඩිය දකින්නේ නැහැ. ශ්‍රී ලංකාවට ඉන්නවා දග පන්දු යැවීමේ පුහුණුකරුවෙක්. ඔහු දියුණු කිරීමට අවශ්‍ය දේ ගැන ඔහු සමඟ කතා කළ යුතුයි.”

“පසුගිය වසර කිහිපය තුළ අපට තරුණ කණ්ඩායමක් හිටියා. ඔවුන් දැන් අත්දැකීම් ටිකක් ලබා ගෙන තියෙනවා. ආසියානු කුසලානයේ දී හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔවුන් ජයග්‍රහණය කිරීමට සුදුසුයි” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button