නාමල් මැදිහත් වෙයි – භානුක සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයන්ට සුභ පණිවිඩයක්

පසුගිය දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළ භානුක රාජපක්ෂ සිය සමුගැනීම සම්බන්ධයෙන් යළි සළකා බැලීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සෘජුවම මැදිහත් වී භානුකගෙන් සමුගැනීම පිළිබඳ සළකා බලන්නැයි සිදු කළ ඉල්ලීමක් හේතුවෙන්.

භානුක රාජපක්ෂ ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළ පසුව සමාජජාලා ඔස්සේ ක්‍රිකට් රසිකයන් ඔහුට යළිත් ක්‍රීඩා කරන්නැයි දැඩි ඉල්ලීම් ඉදිරිපත් වුනා.

ක්‍රිකට් රසිකයන්ගේ ඉල්ලීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අමතා තිබෙන බව වාර්තා වේ. එහිදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට නියෝග කර ඇත්තේ භානුක රාජපක්ෂට යළිත් ක්‍රීඩා කිරීමට කළ හැකි සියල්ල කරනා ලෙසයි.

ඉන්පසුව භානුක අමතා තිබෙන ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවෙන් සමුනොගන්නා ලෙසත්, ඔහු වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඉටු කිරීමට තමන් සුදානම් බවත් බවත්ය. කෙසේ වෙතත් භානුක මෙහිදි ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ තීරණය ආපසු හැරවීම ඉතා අපහසු බවයි.

ඉන්පසුව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙක් සහ භානුක අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කිරීමට භානුක එකඟ වී තිබේ.

භානුක ක්‍රීඩාවෙන් සමුගැනීමට ඔහුගේ ආගමික නායකයා වන ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාදිලිවරයාගේ උපදෙස්ද බලපා තිබෙන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button