යොවුන් ක්‍රීඩකයන්ට කාලය දෙන්න – ක්‍රීඩා ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්

යොවුන් ක්‍රීඩකයන්ගෙන් සපිරි වත්මන් කණ්ඩායමට සාර්ථක වීමට කාලය ලබා දෙන ලෙසට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ

“අපගේ ක්‍රිකට් පිලට නවක ක්‍රීඩකයන් පිරිසක් ඉදිරිපත් කළා . තරග පරාජය වීම පිළිබඳව අපට වේදනාවක් තියෙනවා . ඒත් මම හිතනවා ඔවුන්ට යම් සාධාරණ කාලයක් දිය යුතුයි කියා . ඒවාගේම එම ක්‍රීඩකයනුත් දැනගත යුතුයි ඔවුන්ට ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න . අපි හිතනවාමේ ක්‍රමවේදය සමඟ ජයග්‍රහණ වලට යන්න පුලුවන් වෙයි කියලා “ යනුවෙනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා

“අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර, වැනි ක්‍රිකට් පිළිබඳ විශේෂඥයන්ට වගකීමක් භාර දී තිබෙනවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට . ඒ අයගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටිනවා“ යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button