රසික බලය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනස් කළ අලුත්ම තීරණය මෙන්න!

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම දැඩි ගැටලුකාරී බව මින්පෙර අප වාර්තා කළා.

ඒ මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පවා නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් කැපී ගොස්, ඒ වෙනුවට කලකට පෙර ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදි කණ්ඩායම් වලට තෝරාගැනීමත් සමගයි.

මේ සමගම ක්‍රිකට් රසිකයන්, විචාරකයන්, හිටපු ක්‍රීඩකයන් සහ සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන් මෙම තීරණය දැඩිව විවේචනය කළා.

මේ සමගම වහාම LPL තරගාවලියේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මේ අනුව එක් කණ්ඩායමක සංචිතයකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නැංවීමත් සමග කණ්ඩායම් සදහා අලුතින් තෝරා ගත හැකි ක්‍රීඩකයින් දසදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය ක‍ර තිබේ.

ඒ අනුව එලෙස තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කර ඇති අතර, ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කර තිබේ.

මින්පෙර තරගාවලියෙන් කැපී ගිය ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන් හා ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ගේ නම් මෙලෙස කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කර තිබේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අනුපිළිවෙල කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර ඉදිරියේ දී තීරණය කිරීමට නියමිතය.

මින්පෙර ගිහාන් රූපසිංහ, ටීම් සම්පත් වැනි ක්‍රීඩකයන් ක්‍රීඩක කෙටුම්පත් කිරිමේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කෙටුම්පත් කිරීමේ ඉදිරියෙන් ඉදිරිපත් කළ, ඇන්ජලෝ මැතිවුස් ආදි ක්‍රීඩකයන් වෙන්දේසියේ අලෙවි වුනේ නැහැ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button