ශ්‍රේණීගත කිරීම් එළියට – කුසල් ජනිත්, චමීර සීග්‍රයෙන් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අද නිවේදනය කළා.

විශේෂත්වය වන්නේ එහි පිතිකරණ සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සීග්‍රයෙන් ඉදිරියට පැමිණීමට එක්දින නායක කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත්ව තිබීමයි.

ඒ අනුව එක්දින පිතිකරණ ශ්‍රේණීගත කිරීම්හි ස්ථාන 13කින් ඉදිරියට පැමිණි කුසල් ජනිත් එහි 42 වන ස්ථානයේ පසුවෙනවා. දුෂ්මන්ත චමීර රැඳි සිටින්නේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 33 වන ස්ථානයේ. බංග්ලාදේශය සමග පැවති තෙවැනි තරගයේදී දැක්වූ දක්ෂතාවයන් සමග ඔහු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

පිතිකරණ අංශයේ ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති ධනංජය ද සිල්වා පිතිකරණ ශ්‍රේණීගත කිරීම්හි 85 වන ස්ථානයේ රැදී සිටිනවා.

කෙසේ වෙතත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඇද වැටී තිබෙනවා. එහි ප්‍රථම ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයයි.

තවද පිතිකරණ, පන්දු යැවීම් හෝ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් මුල් ස්ථාන දහයේ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් නොසිටීමත් විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button