ශ්‍රී ලංකා කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක තනතුරට ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරොප් පත්කර තිබේ.

බ්‍රෙට් හැරොප් මින්පෙර නවසීලන්ත ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙසද කටයුතු කර ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායමේත් ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති බ්‍රෙට් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩාවේ භෞතචිකිත්සකවේදය පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගෙන ඇත.

මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඔහු මේ වනවිට මෙරට නිරෝධායන කාල සීමාව පසු කරමින් සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button