ලෝක කුසලානය ඉලක්ක කර ඕස්ට්‍රේලියාවේදි මහේලගෙන් අලුත් වැඩක්!

2022 T20 ලෝක කුසලානය ඔක්තෝම්බර් 16 සිට නොවෙම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදි පැවැත්වීමට නියමිතයි.

මෙම ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වී ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වන බව හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළා.

මේ අනුව මහේල එම කාලසීමාව පුරාම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිනු ඇති.

මෙහිදි තමන් කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලසීමාවේ උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් මහේල ජයවර්ධන විසින් නව ව්‍යාපාරයක්ද සැලසුම් කර තිබේ.

ඒ ඔහු සහ කුමාර් සංගක්කාර විසින් හිමිකාරීත්වය හොබවන ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්’ සුපිරි අවන්හලේ ශාඛාවක් ලෝක කුසලානය ඉලක්ක කරම ඕස්ට්‍රේලියාවේ ඇරඹීමයි.

මේ අනුව ඔක්තෝම්බර් 14 වෙනිදා සිට නොවෙම්බර් 12 දක්වාම මහේලගේ හා සංගාගේ ප්‍රධානත්වයෙන් මෙල්බර්න් හී ක්‍රවුන් මෙල්බර්න් ශාලාවේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් අවන්හලේ ශාකාවක් පැවැත්වීමට නියමිතයි.

මෙහිදි ඔවුන් විසින් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට පැමිණෙන ක්‍රීඩකයන් මෙන්ම රසිකයන්ද ඉලක්ක කරමින් මෙම ව්‍යාපාරය ඇරඹීමට නියමිතයි.

මින්පෙරත් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවට තරග සංචාර සඳහා පැමිණෙන විදෙස් ක්‍රීඩකයන්ට සිය අවන්හලට ආරාධනා කරමින් ඔවුන්ට ආහාර ලබා ගැනීමට අවස්තාව සැලසූවා.

මෙහිදි ආහාර ලබා ගන්නා රසිකයන්ට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන හමුවීමේ අවස්තාවද හිමිවනු ඇති බව වාර්තා වේ.

මෙම අවන්හලේ එක් එක් කෑම වේලක් ඕස්ට්‍රේලියානු ඩොලර් 185 – 245 ක මුදලකට එනම් ශ්‍රී ලංකා රුපියල් 45,000 – 58,000 අතර මුදලකින් ආහාර ලබා ගත හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button