විචාරකයන්ගේ ප්‍රශංසා මැද දුෂ්මන්ත චමීර තැබූ ලෝක වාර්තාව!

යොවුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය දස්කම් වේගයෙන් වර්ධනය කරගනිමින් ඉදිරියට පැමිණෙන ක්‍රීඩකයෙක්.
මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන T20 තරගාවලියේ දෙවෙනි තරගය ඊයේ පැවැත්වූ අතර එහිදි දුෂ්මන්ත චමීරගේ දස්කම් කැපී පෙනුනා.
තරගයේ දෙවනුවට පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ෂර්මා දවා ගනිමින් චමීර මෙම වාර්තාව පිහිටවූවා.
එය දුෂ්මන්ත චමීර විසින් රෝහිත් ෂර්මාගේ කඩුල්ල T20 තරගයකදී දවා ගත් පස්වන අවස්තාව විය.
ඒ අනුව T20 ජාත්‍යන්තර පිටියේ දී එක් පිතිකරුවෙකු වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර වාර්තා අතරට එක් වූවා.
මීට පෙර කිසිදු පන්දු යවන්නෙකු විසින් එක් පිතිකරුවෙකුව T20 තරග වල අවස්ථා 5කදී දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.
රෝහිත් ෂර්මා යනු ලොව T20 ක්‍රීඩාවේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වන අතර ජාත්‍යන්තර T20 පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද රෝහිට් ෂර්මා (ලකුණු 3308) වීම විශේෂත්වයක්.