නිරෝෂන් දික්වැල්ලට මනෝ වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවසර!

පසුගිය සමයේ දිගින් දිගටම විනය විරෝධි ක්‍රියා වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මනෝ වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිවී තිබේ.

පසුගිය සමයේ එංගලන්ත තරග සංචාරයකදී අනවසරයෙන් ජෛව ආරක්ෂක බුබුළෙන් පිටතට ගමන් කිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට සහ කුසල් මෙන්ඩිස්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ ලක්ෂ 100ක දඩ මුදලක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව කටයුතු කළා.

මෙවැනි පසුබිමක නිරෝෂන් දික්වැල්ල මනෝ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රථිකාර ලබා ගැනීමට ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මේ බව තහවුරු කළා. මේ අනුව දික්වැල්ලගේ ඉල්ලීමට ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න,

“විනය විරෝධී දෙයක් වුණාම ඔවුන්ව බලාගන්න ඔවුන්ගේ මුදල් ලබාදෙන්න අපට බෑ. අපි ඒත් ඔවුන්ගේ හැකියාව අගය කරනවා. ඔවුන් දිහා බලාගෙන ඉන්නවා.

විශේෂයෙන්ම කියන්න ඕනේ නිරෝශන් දික්වැල්ල මේ ලඟදි ඔහුට මේ ඇතිවුන ව්‍යාකූල තත්වයවයට පිළියමක් ලබාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ මානසික වෛද්‍යවරයෙක් හෝ උපදේශකයකු මුණගැහෙන්න යන්න අපෙන් අවසර ඉල්ලලා ලිපියක් යොමු කරලා තිබුණා. ඒක ඉතාමත් හොඳ තීරණයක්. අපි ඔහුට ඒකට අවසර ලබාදුන්නා.” යනුවෙන් ප්‍රකාශ කළා.

මේ අතර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ක්‍රිකට් තිදෙනාගේ තහනම දේශීය තරග සඳහා ඉවත් කර දේශීය තරග ක්‍රීඩා කිරීමට ඉඩ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button