දකුණේ ජයග්‍රහණ පසුපස සිටි පුංචි වීරයා – නූර් අහමඩ් LPL තරගාවලිය හැර යයි

lpl තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩක නූර් අහමඩ් තරගාවලිය හැර ගොස් තිබේ.

වයස අවුරුදු 16ක් වන නූර් අහමඩ් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද තරග දිනවූ ක්‍රීඩකයෙක්.

එම නිසාම ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ සමස්ත දකුණු පළාතේම ආදරය දිනා ගත්තා.

ඇෆ්ගන් ජාතික නූර්, සිය ජාතික කණ්ඩායම විසින් සංචිතයට කැඳවීම හේතුවෙන් මෙලෙසට තරගාවලිය හැර ගොස් තිබේ.

නූර් අහමඩ්, තරගාවලියේ ධනවත්ම මෙන්ම වැඩිම මුදලක් වියදම් කරන ගෝල් ග්ලැඩියේටර්ස් හිමිකරු නදීම් ඕමාර් මහතාගේ සෘජු තේරීමක් වූවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඔහු සුවිශේෂි දස්කම් දැක්වීමටත් සමත් වූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button