තිසර සමග ගැටුනු නයි නැටුමේ පෙරගමන්කරුවෙකුට බංග්ලාදේශ නායකත්වය – ඊළග තරගාවලියේ සිට තරග දිනන බවත් කියයි.

බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ බලන නායකත්වය නුරුල් හසන් සොහාන්ට ලබා දීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශ නිත්‍ය නායක ශකිබ් අල් හසාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ බලන නායකත්වය ඔහුට හිමිව තිබේ.

නුරුල් හසන් යනු කතාබහට ලක්වූ බංග්ලාදේශ නයි නැටුම් සැමරුමේ පළමු පෙළ සාමාජිකයෙකු වූ අතර, 2017 ශ්‍රී ලංකා සංචාරයේදී තිසර පෙරේරා සමග ගැටුමක් ඇති කරගත්තේත් ඔහුය.

ඒ වනවිට ඔහු කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළා.

නායකත්වය හිමි වූ නුරුල් හසන් ප්‍රකාශ කරන්නේ ඊළග තරගාවලියේ සිය කණ්ඩායම තරග ජයග්‍රහනය කිරීමේ පුරුද්දක් ඇති කරගන්නා බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් T20 තරගාවලියේ සිට එය පවත්වා ගෙන යාමට අවධානයෙන් පසුවන ඔහු සදහන් කළා.

එම තරගාවලිය ජයග්‍රහනය කිරීමෙන් ලබා ගන්නා ආත්ම විශ්වාසය නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් T20 තරගාවලිය සදහාත් ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට වීමටT20 ලෝක කුසලාන තරගාවලිය සදහා වැදගත් වන බව ඔහු ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button